Sathosa

Nov 11, 2018

 ක්‍රිකට් ලොක්කෝ බුරුත්තක් දෙසැම්බරයේ දොට්ට !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් මිලියන ගණනින් ගිල දමන කොන්ත‍්‍රාත් පදනම මත සුපිරි වැටුප් ලබමින් දවස පුරා නිදි සුවය ලබන 20 කට අධික පිරිසකගේ සේවා කාලය ලබන දෙසැම්බර් මාසයේදී අවසන් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව පැවසේ.
 
මුස්තාපා මහතා ඉදිරි මහ මැතිවරණයට පෙර සිය නම සුද්ධ කර ගැනීමට මේ කටයුත්තට අතගසා ඇති බවද මේ අතර වාර්තා වේ.
 
මෙම පිරිසෙන් 15කට ආසන්න සංඛ්‍යාවක් රුපියල් ලක්‍ෂයකට අධික වැටුප් ලබන අතර ඇතැමුන්ගේ වැටුප රුපියල් මිලියනයකට ආසන්න බව පැවසේ. 
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහලු මඩමක් කරමින් හිටපු පාලකයන් හිතවත්කම මත මේ පත්වීම් ලබා දී ඇති බවද මේ අතර වාර්තා වේ.
 
මේ අතර ක්‍රිකට් ආයතනය තුළ කිසිදු සේවයක් නොකර වැටුප් ලබන පුද්ගලයන් රැසක් සිටින බවද වාර්තා වේ.
 
නිකමන් ලෙස වැටුප් ලබන පුද්ගලයන් අතරට පුහුණුකරුවන් රුසක් ඇතුළත්ව සිටින බවද වාර්තා වේ. 
 
එසේම එම ආයතනය තුළ එකම තනතුරට පුද්ගලයන් දෙදෙනා බැගින් සිටින බවද පැවසේ.
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top