එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් සංගමයේ දූෂණ මර්ධන නීති මාලාවට අයත් වගන්ති තුනක් කඩකිරීම සම්බන්ධයෙන් දිල්හාර ලොකුහෙට්ටිගේට චෝදනා එල්ල වී ඇත.
තරගයක් මුදලට පාවාදීමට උත්සාහ කිරීම සම්බන්ධ 2.1.1 වගන්තිය උල්ලංඝනය කිරීමට සම්බන්ධවීම, එම වගන්තිය උල්ලංඝනය කිරීම සඳහා තවත් ක්‍රීඩකයෙකුට අනුබල දීම හා දූෂිත ක්‍රියාදාමයකට සම්බන්ධවන මෙන් කරුණු ආරාධනයක් හෝ ඇමතීමක් වහාම අදාළ දූෂණ විරෝධී නිලධාරියාට දැනුම්දීමට අපොහොසත් වීම යන චෝදනා තුන ඔහුට එරෙහිව එල්ල කරනු ලැබ තිබේ.
පසුගිය 2017 වසරේ එමීර් රාජ්යන්හිදී පැවැති දහයයි -10 ක්‍රිකට් තරගාවලියේදී ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී ඇතැයි පැවසේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි දිල්හාර ලොකුහෙට්ටිගේට තාවකාලික ක්‍රිකට් තහනමක් පනවා ඇති අතර මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා දිල්හාර ලොකුහෙට්ටිගේට දින 14 ක කාලයක් ලබාදී තිබේ.
මීට ඉහතදී දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය හා නුවන් සොයිසාටද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා එල්ල විය.