Sathosa

Jan 03, 2017

ශතකයක් එක්ක වෝනර් ඉතිහාස පොත් වලට යයි (වීඩියෝ)

ටෙස්ට් තරගයක මුල් දිනයේදී දිවා ආහාරයට පෙරාතුව ශතකයක් වාර්තා කිරීමට සමත් වූ පස්වැනි ක්‍රීඩකයා ලෙස ඕස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් ඉතිහාසගත වී තිබේ.

ඔහු මෙම දක්ෂතාවය දැක්වූයේ අද දිනයේදී (03) පකිස්තානයට එරෙහිව සිඩ්නි ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු තරගයේදීය.

දිවා ආහාරයට විනාඩි 04කට පෙරාතුව මෙම වාර්තාව තැබීමට වෝනර් සමත් වූ අතර, පන්දු 78කින් වාර්තා කළ ඔහුගේ ශතකයට හතරේ පහරවල් 17ක් ඇතුළත් විය.

මීට පෙර මෙම දක්ෂතාවය දක්වා තිබුණේ විකටර් ට්‍රම්පර්, චාල්ස් මැකාට්නි, ඩොන් බ්‍රැඩ්මන් හා මජිඩ් ඛාන් පමණි.

කෙසේවෙතත්, මෙවැනි වාර්තාවක් ඕස්ට්‍රේලියානු ක්‍රීඩාංගනයකින් වාර්තා වන්නේ පළමු වරටයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top