ජනවාරි පළමුවැනිදා සිට වට්මෝර් මහතාගේ සේවය ශාන්ත තෝමස් විද්‍යාලය ලබාගෙන ඇති බවට වාර්තා වන අතර වර්තමාන පුහුණුකරු වන දිනේෂ් කුමාරසිංහ මහතා තවදුරටත් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්ෂේත්රයේ ප්‍රධාන පුහුණුකරුවකු ලෙස මෙතරම් අත්දැකීම් බහුල ජාත්‍යන්තර පුහුණු කරුවකුගේ සේවය ලබාගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකේ.
1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ වට්මෝර් මහතා කලක් බංග්ලාදේශ හා පකිස්තානු ජාතික කණ්ඩායම්වල පුහුණුකරු ලෙස ද කටයුතු කළ අතර ඔහු අවසාන වශයෙන් ජාත්‍යන්තර පුහුණු කරුවකු ලෙස කටයුතු කර ඇත්තේ සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සමගිනි.
එළඹෙන නිල්මහ සටන ක්‍රිකට් තරගය වනතුරු ඔහුගේ සේවය ලබාගැනීමට ශාන්ත තෝමස් කණ්ඩායමට හැකිවනු ඇති බව මේ අතර වැඩිදුරටත් වාර්තා වේ.