Nov 21, 2018

චන්දිට අවසන් තරඟයත් ගිලිහෙයි

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එංගලන්තය සමඟ පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරඟය අහිමිවී ඇතැයි වාර්තා වේ.

දෙරට අතර ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරඟයේදී දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්විය.

මේ හේතුවෙන් එංගලන්තය සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරඟය ද ඔහුට අහිමිවී ගියේය.

තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ තුන්වන ටෙස්ට් තරඟය අනිද්දා (23) කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වීමට නියමිතය.

(මිරර් ගේම්ස්)

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top