Sathosa

Nov 26, 2018

එංගලන්තය ශ්‍රී ලංකාව වයිට් වොෂ් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාවේදී වාර්තා ගත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. 

ඒ එස්.එස්.සී. පිටියේ පැවැති තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී ලකුණු 42ක ජයක් වාර්තා කරමිනි.

ලකුණු 327ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 284ක් පමණි. 

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල වෙනුවෙන් නායක සුරංග ලක්මාල් හා මලින්ද පුෂ්පකුමාර ලකුණු 58ක සබඳතාවක් පවත්වමින් තරගය ශ්‍රී ලංකාව දෙසට ගෙන ඒමට කටයුතු කළත් එම උත්සාහය ව්‍යර්ත විය.

මෙම ටෙස්ට් තරගාවලි ජයත් සමගින් එංගලන්තය ශ්‍රී ලංකාවේදී පූර්ණ තරගාවලිය ජයක් වාර්තා කළ අතර එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී වයිට් වොෂ් කළ පළමු අවස්ථාව ලෙසත් මෙය වාර්තා අතරට එක්වෙයි.

ලකුණු
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම  - පන්දුවාර 48 කදී කඩුලු 5 කට ලකුණු 164
(දිමුත් කරුණාරත්න 23, කුසල් මෙන්ඩිස් නොදැවී 77, රොෂේන් සිල්වා නොදැවී 37, මොයින් අලී 48/2, ජැක් ලීච් 39/2)
 
එංගලන්ත දෙවැනි ඉනිම - පන්දුවාර 69.5 කදී සියලු දෙනා දැවි ලකුණු 230
(ජොනී බෙයාර්ස්ටොව් 15, බෙන් ස්ටොක්ස් 42, ජොස් බට්ලර් 64, මොයින් අලී 22, බෙන් ෆොක්ස් නොදැවී 36, අදිල් රශීඩ් 24, දිල්රුවන් පෙරේරා 88/5, මාලින්ද පුෂ්පකුමාර 28/3, ලක්ෂාන් සඳකැන් 76/2)
 
එංගලන්ත පළමු ඉනිම - පන්දුවාර 92.5 කදී සියලු දෙනා දැවී ලකුණු 336
(ජොනී බෙයාර්ස්ටොව් 110, ජෝ රූට් 46, බෙන් ස්ටොක්ස් 57, මොයින් අලී 33, අදිල් රශීඩ් නොදැවී 21, ලක්ෂාන් සඳකැන් 95/5, දිල්රුවන් පෙරේරා 113/3, මාලින්ද පුෂ්පකුමාර 64/2 )
 
ශ්‍රී ලංකා පළමු ඉනිම - පන්දුවාර 65.5 කදී සියලු දෙනා දැවී ලකුණු 240
(දනුෂ්ක ගුණතිලක 18, දිමුත් කරුණාරත්න 83, ධනංජය ද සිල්වා 73, කුසල් මෙන්ඩිස් 27, අදිල් රශීඩ් 49/5, බෙන් ස්ටොක්ස් 30/3 )

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top