Sathosa

Nov 28, 2018

අංගසම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හොරණ දඹගොඩ දී විවෘත කෙරේ (ඡායා)

ශ්‍රී ලංකාවේ අංගසම්පූර්ණ හා උසස් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගන අතරට එක්වන නවතම ක්‍රීඩාංගණය හොරණ දොඹගොඩ ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා මුලස්ථානය දී සිකුරාදා (30) විවෘත කෙරේ.

මෙදින පස්වරු 1.45 ට යුද හමුදා පති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් මෙම ක්‍රීඩාංගනය විවෘත කිරීමෙන් අනතුරුව 2018 වසරේ යුද හමුදා අන්තර් රෙජිමේන්තු විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය කාලතුවක්කු බලකාය හා යුධෝපකරණ බලකාය අතර පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අක්කර 10 ක පමණ භූමි භාගයක ඉදි වුණු මෙම ක්‍රිකට් ක්‍රීඩාංගන සංකීර්ණය අදියර කිහිපයකින් සම්පූර්ණයෙන්ම ඉදිකිරීමට නියමිත අතර එහි මුල් අදියර ලෙස ක්‍රිඩාංගණය හා අංග සම්පූර්ණ ක්‍රීඩාංගණය ඇතුළත්ව ඇත.

දෙමහල් ක්‍රීඩාගාරය ප්‍රේක්ෂකයන් දහසකට පමණ තරඟ නැරඹීමේ හැකියාව ඇති අතර එය රජරට ඓතිහාසික කලා රටාවන් අනුව නිම කොට තිබීම විශේෂත්වයකි. ක්‍රීඩාංගනය පුරා වතුර මල් පද්ධතියක් හා ජලය ඉක්මනින් බැස යාමට ක්‍රමවේදයක් සකස් කර තිබේ. ක්‍රීඩාංගනය මැද තණතීරු 8කින් සමන්විතය.

මෙහි දෙවැනි අදියර යේදී කණ්ඩායම් දෙකකට නවාතැන් ගතහැකි නේවාසිකාගාර දෙකක්, භෝජනාගාරයක් හා පුහුණු පැති තනතුරු හතරක් ඉදිකිරීමට නියමිත අතර තෙවැනි අදියර යේදී කාමර 15 කින් යුත් නවාතැන් පහසුකම් පිහිනුම් තටාකයක්ද, ගෘහස්ථ ක්‍රීඩාංගනය ද ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මෙම සියලු ඉදිකිරීම් සඳහා වසර තුනක් පමණ කාලයක් ගත වෙතැයි බලාපොරොත්තු වේ.

කළුතර හොරණ බස් මාර්ගයේ දොඩම්ගොඩ ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා මූලස්ථානය තුළ රමණීය භූමි භාගයක ඉදිකර ඇති මෙම ක්‍රීඩාංගනය කලුතර දිස්ත‍්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ හා පාසල් වලට පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළමු පෙළ හා ජාතික මට්ටමේ කණිෂ්ඨ තරඟ පැවැත්වීම සඳහා ද ඉදිරියේ දී ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම ක්‍රිකට් ක්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘතිය නියමුවා වන ශ්‍රී ලංකා යුද හමුදා යුද්ධෝපකරණ බලකායේ අණදෙන නිලධාරීන් හා යුද හමුදා ක්‍රිකට් භාර නිලධාරී මේජර් ජෙනරාල් බිමල් විදානගේ මහතා මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ පැවසීය.

"මේ පළාතටම හොඳ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් තිබුණේ මග්ගොන සරේ ක්‍රීඩාංගණය විතරයි. ඒ නිසා හොඳ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණය නිර්මාණය කරන්න අපි බලාපොරොත්තු වුණා. වාර්ෂිකව අපේ බලකාය සංවිධානය කරන සැණකෙළියකි තමා මේ සඳහා අවශ්‍ය මුදල් සොයා ගත්තේ. දැනට අපට රුපියල් මිලියන 50ක් විතර වියදම් වෙලා තියෙනවා. ඇත්තටම මේ මට්ටමේ ක්‍රීඩාංගණයක් ඒ තරම් අඩු වියදමකින් කරන්න අමාරුයි අපේ හමුදා ශ්‍රම බලකාය නොවන්න. මේ ව්‍යාපෘතියට යුද හමුදාපතිවරයා ගෙන් අපට ලැබුණු සහයෝගය හා දිරිගැන්වීම ගැන ඔහුට බෙහෙවින් ස්තුතිවන්ත විය යුතුයි. සීකුගේ ප්‍රසන්න අපේ බලකායේ ම ගොඩ නැංවූණු ක්‍රීඩකයෙක්. ඔවුන් දුෂ්කර පාසල් වලින් ආවත් යුද හමුදාවේ සහාය බලපෑවා. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ කණිෂ්ඨ ක්‍රීඩකයන්ට වුණත් නේවාසිකව සියලු අන්දමේ පුහුණුවීම් ලබා දීමට හැකි පහසුකම් මෙහි ඉදිකරදීම මගේ බලාපොරොත්තුවක්. විදෙස් කණ්ඩායම වලටත් අඩුවියදමකින් මේ ක්‍රීඩාංගනය ඒ පහසුකම් ලබා ගන්න පුළුවන්. අද අපේ රටට විනය ඉතාමත් අවශ්‍යයි. මේ මට විනයවත් ක්‍රීඩකයන් බිහි කරවන්න හැකි වුනොත් අපේ අනාගත ක්‍රිකට් ක්‍රීඩාවටත් හොඳයි. මෙහි ඉදිරි අදියර අවසන් කරගන්න ඉදිරියේ ණය පහසුකම් ලබා ගන්න ලැබුණොත් ඉක්මනින් ඉතිරි වැඩ කොටස අවසන් කරගන්න පුළුවන්."

Playground 3

Playground 2

Playground 1

Playground 4

Playground 5

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top