එංගලන්තය සමගින් පැවැති පළමු ටෙස්ට් තරගයේදී ආබාධයට ලක් වූ නායක දිනේෂ් චන්දිමාල් නැවතත් සුපුරුදු ශාරීරික යෝග්‍යතාවයට පත්ව ඇති හෙයින් කණ්ඩායමට එක්කර තිබේ. එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභීයා බවට පත් වූ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න කණ්ඩායමේ උප නායකයා වශයෙන් නම්කර ඇත.
කලක සිට කණ්ඩායමට පැමැනීමට අවස්ථාවක් නොමැතිව සිටි ළහිරු තිරිමාන්න ද අවසන් 17 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතයට කැදවා තිබීම විශේෂත්වයකි.
එංගලන්ත තරගාවලිය ආරම්භ වීමටත් මත්තෙන් කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබූ ළහිරු කුමාර නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවා ඇති අතර, අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවරදි කර ගැනීමට ඔහුව පරීක්ෂණයකට භාජනය කිරීම හේතුවෙන් නවසීලන්ත සංචාරයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද ඔහුට මග හැරී ගොස් ඇත. මේ හේතුවෙන් ඔහු අවසන් 17 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතයට කැඳවා නොමැත.
නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් මස 15 වැනිදා ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
( දිනේෂ් චන්දිමාල් ( නායක ), දිමුත් කරුණාරත්න ( උප නායක ) , කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා , ඇන්ජලෝ මැතිවුස්, රොෂේන් සිල්වා , නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, ළහාරු තිරිමාන්න, සදීර සමරවික්‍රම, දිල්රුවන් පෙරේරා , ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර )
(මිරර් ගේම්ස්)