Sathosa

Nov 30, 2018

බිහිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ T20 ලෝක ශූරතාවය ලංකාවට

බිහිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පන්දුවාර විස්සයි විස්ස ලෝක ශූරතාවය දිනාගැනීමට අද (30) දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අවසන් මහා තරඟයේදී ඉන්දියාව ලකුණු 36කින් පරාජය කරමිනි.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09කට ලකුණු 145ක් රැස් කළ අතර ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 05ක් තුල සියල්ලන් දැවී රැස්කරගත හැකිවුයේ ලකුණු 109ක් පමණි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නේපාලය, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව යන රටවල් මෙම තරඟාවලියට එක්ව සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top