Sathosa

Dec 03, 2018

හීන සාප්පුවෙන් ගේන ෆයිසර්ගේ පොරොන්දු !

මෙවර ශ්‍රව්‍යාබාධිත පන්දුවාර විස්සයි විස්ස ලෝක ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ කරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසා තිබේ.

ජයග්‍රාහී ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම පෙරේදා (01) යළිත් මව්බිමට පැමිණි අවස්ථාවේදී ඔවුන්ව පිළිගනිමින් එම මහතා එසේ පවසා ඇතිබව රජයේ නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඉදිරියේදී ඔවුන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් ලෙස රටට කීර්තියක් ගෙන දීමට වඩාත් කැපවී වැඩ කටයුතු කළහැකි පරිසරයක් නිර්මාණය කරදීම තමා සතු යුතුකමක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

ශ්‍රී ලංකාවට අත්කරදුන් කීර්තිය අගය කරමින් ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණඩායමේ ක්‍රීඩකයින් වෙත ඩොලර් 500 බැගින් ගෙවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ගුවන්තොටුපොලේදි පැවති පිළිගැනීමේ උත්සවය අවස්ථාවේදී ක්‍රීඩකයන් වෙත වැඩිදුරටත් පවසයි.

ෆයිසාගේ බොරු පොරොන්දු

කෙසේවුවද, අදාළ මුදල ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලබා නොදී ක්‍රිකට් ආයතනයට එම මුදල ලබා දීමට පැවරීම සම්බන්ධයෙන්ද මේවන විට ක්‍රීඩා ක්ෂේත්‍රයේ කසුකුසුවක් මතුව ඇතැයි පැවසේ.

ඒ ෆයිසර් මහතා මීට පෙර දැල්පන්දු ආසියානු ශූරතාව දිනාගත් ක්‍රීඩිකාවන්ට ලබාදුන් පොරොන්දු මෙන්ම පැර ආසියානු පදක්කම් ලභීන්ට ලබාදුන් පොරොන්දු ද මෙතෙක් ඉටු නොවීම නිසාය.

කෙසේවුවද, ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණඩායමේ ක්‍රීඩකයින් වෙත ඩොලර් 500 ක මුදලක් ලබාදීම ගැන මහ ඉහලින් කතා කළ ද එම මුදල ටෙස්ට් තරගයක් පැරදුනද ජාතික පිලේ ක්‍රීඩකයකුට ගෙවන මිලටත් වඩා අඩු මුදලක් බව වාර්තා වේ.

ටෙස්ට් තරගයක් පරාජය වූ පිලක් නියෝජනය කළ ශ්‍රී ලාංකා ජාතික පිලේ ක්‍රීඩකයකට අදාළ තරගය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ක්‍රිකට් ආයතනය ඩොලර් 800ක් ගෙවන බව පැවසේ.

මේ අතර, ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ කිරීම යනු ඇමතිවරයා පැවසූ පමණින් සිදුකර නොහැක්කක් බව පවසන ප්‍රවීණ ක්‍රිකට් විචාරකයන් සඳහන් කරන්නේ එය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක කමිටුව විසින් තීන්දුකළ යුත්තක් බවයි.

(මූලාශ්‍රය : news.lk)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top