ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ එංගලන්තයට එරෙහිව ඇති එක්දින සහ 'විස්සයි විස්ස' තරගාවලියට තවත් දින කිහිපයක් ඉතිරිව තිබියදීය.
කෙසේවෙතත්, ඔහු මෙම සංචාරයට සහභාගී වීමේ ඉඩකඩක් පවතින බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙයි.
මේවනවිට 35 හැවිරිදි දෝනි 2007 වසරේ සැප්තැම්බර් මාසයේ පටන් ඉන්දියානු ජාතික කණ්ඩායමේ සහ සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස මෙන්ම කඩුළු රකින්නා ලෙසද ක්‍රීඩාකළේය.
ඉන්දියාව 2007 සහ 2011 වසරවල ලෝක ක්‍රිකට් ශූරතාවය, 2011 විස්සයි විස්ස ලෝක ශූරතාව සහ 2013 චැම්පියන් ශූරතාව දිනාගත්තේ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙනි.