Sathosa

Dec 11, 2018

අකිල ධනංජයට ජගත් ක්‍රිකට් පිටිය තහනම් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (10 වැනිදා) ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ධනංජයට අන්තර්ජාතික තරගවලදී පන්දු යැවීම වහාම තහනම් කරන බවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ අතර ඒ අනුව ඔහු පසුගිය 23දා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී පරික්ෂණයකටද පෙනී සිටියේය.

පන්දු යැවීමේදී ධනංජයගේ අත වැළමිටෙන් අංශක 15 කට වඩා නැමෙන බව එම පරීක්ෂණයේ ප්‍රතිඵල සනාථ කර තිබේ. ඒ අනුව ඔහු සිය ඉරියව්ව නිවැරදි කරගෙන නැවත වරක් පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වේ.

කෙසේවෙතත්, එතෙක් ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරය මත දේශීය තරග සඳහා පමණක් සහභාගි විය හැකිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top