Dec 11, 2018

කාසියේ වාසිය වෙනුවට බැට් එකේ වාසිය?

කාසියේ වාසිය යනු ක්‍රිකට් තරගයක් ආරම්භයක වැදගත් අවස්ථාවකි.

කෙසේවෙතත්, මෙවර ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් ලීග් තරගාවලියේදී එම වැදගත් අවස්ථාව ඓතිහාසික ලෙස වෙනස් වනු ඇත.

මෙහිදී 'හෙඩ්ස් ඕ ටේල්ස්' (heads or tails) දැයි අසා කාසියක් උඩදැමීම වෙනුවට ක්‍රිකට් පිත්තක් භාවිතා කර හිල්ස් ඕ ෆ්ලැට්ස්' (hills or flats) දැයි ඇසීමට නියමිතය.

මෙය, BBL හි ස්වභාවය පෙන්නුම් කරන සුවිශේෂී අවස්ථාවක් බව මෙම තරගාවලිය සඳහා පත්කර ඇති ක්‍රිකට් ඕස්ට්‍රේලියා හි ප්‍රධානී - කිම් මැක්කොනී පවසයි.

කාසියේ වාසිය පිළිබඳ මෑතකාලයේදී විවිධ මතමාතාන්තර පළ වී ඇති අතර, ටෙස්ට් ක්‍රිකට් තරග වලදී එම අවස්ථාව ඉවත් කිරීමට පසුගිය මැයි මාසයේදී එංගලන්ත හා වේල්ස් හි ක්‍රිකට් පාලක මණ්ඩල කැමැත්ත පළ කර තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top