Sathosa

Dec 14, 2018

එක්දින හා 20යි විස්සේ නායකත්වය මාලිංගට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ එක්දින හා විස්සයි -20 තරගාවලියේ කණ්ඩායම් නායකයා ලෙස ලසිත් මාලිංගත් පත්කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යධූරයේ කටයුතු සඳහා අතුරු තහනම් නියෝගයක් ලැබී ඇති හෙයින් 17 දෙනෙකුගේ යුත් සංචිතයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනුමැතිය ලබාදී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට ඇතුළත් කර ඇතත් නව තේරීම් කමිටුව විසින් ඔහු නායකත්වයෙන් ඉවත් කර තිබීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා සංචිතය - ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, සීක්කුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top