Dec 17, 2018

ක්‍රිකට් සභාපති ධුරයට තුන් කොන් සටනක් ! Featured

ක්‍රිකට් නිලවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අදින් අවසන් අතර සභාපති ධූරය සඳහා හිටපු සභාපතිවරුන් දෙදෙනකු වන ජයන්ත ධර්මදාස හා මොහාන් ද සිල්වා යන මහත්තුරු හා හිටපු උප සභාපතිවරයෙකු වන කේ. මතිවානන් මහතා නාම යෝජනා භාරදී තිබේ.

හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා මෙවර නාමයෝජනා ලබා දී නොමැත.

ලේකම් ධූරය සඳහා හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග හා බන්දුල දිසානායක යන මහත්තුරු තරග වදිති.

රවීන් වික්‍රමරත්න මහතා ද ලේකම් ධුරයට නාම යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම නාම යෝජනා සියල්ල නිලවරණ කමිටුව මගින් සනාථ කළ යුතු අතර ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කරනු ලබන අභියාචනා කමිටුවක් මගින් විරෝධතා ඇතොත් සලකා බැලීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top