Dec 19, 2018

මාලිංගව නැවතත් මුම්බායි කණ්ඩායම මිලට ගනියි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිඩක වෙන්දේසියේදී ලොව බිහිවු සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග මුම්බායි කණ්ඩායම වෙනුවෙන් මිලට ගැනීමට එම කණ්ඩායම කටයුතු කළේය.

ඔහුට ඉන්දීය රුපියල් කෝටි 2ක මිලක් නියම වී තිබුණ අතර එම මිලටම මාලිංග මිලට ගැනීමට මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම සමත්විය.

මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අඛණ්ඩව නියෝජනය කළත් පසුගියවර වෙන්දේසියේදි ඔහුව මිලට ගැනීමට කිසිම කණ්ඩායමක් ඉදිරිපත් නොවුණි.

වසර 2008 සිට 2018 දක්වා පැවති අයි.පී.එල් තරගාවලියන් හීදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක‍්‍රීඩකයා වන්නේද කඩුලු 154ක් ලබා ගත් ලසිත් මාලිංගය.

ලසිත් මාලිංග අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩකයෙක් ලෙස ආරම්භයේ සිටම මුබ්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ අතර 2018 තරගවාරයේදි ඔහු එම කණ්ඩායමේ පන්දු යැවිමේ උපදේශකයෙක් වශයෙන් කටයුතු කළේය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලකාවේ මහේල ජයවර්ධන කටයුතු කරන අතර අදාළ වෙන්දේසිය සඳහා ඔහු එක්ව සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top