photographic 2
Dec 19, 2018

සිංහ - කිවි පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි

කුසල් මෙන්ඩිස්ගේ සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව වෙලින්ටන්හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) සමත්විය.
තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් මෙලෙස පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අත්හැර දැමුණි.
 
තරගයේ ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු ක්‍රිඩකයින් දැවී ලකුණූ 282ක් ලබාගත් අතර නවසීලන්ත කණ්ඩායම ප්‍රථම ඉනිම සඳහා සියලු ක්‍රිඩකයින් දැවී ලකුණූ 578ක් ලබා ගත්තේය.
 
ලකුණු 296ක් පිටුපසින් සිටිමින් තරගයේ දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවට පත්වන විට කඩුලු 03ක් දැවී ලකුණු 287ක් ලබා ගැනීමට සමත් වුණි.
 
එම ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණූ 120ක් ද කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 141ක් ද ලබා ගත්තේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top