Pasidol
Sathosa Ad Final Sinhala
Jan 07, 2017

තිසර, බ්‍රාවෝගෙ හිඩස වහන්න ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග්බෑෂ් පන්දුවාර විස්සයි - 20 තරගාවලිය සදහා එක්වීමට අවස්ථාව ලැබී තිබේ.

මෙල්බර්න් රෙනගට්ස් කණ්ඩායම නියෝජනය කරන කොදෙව් තුන්ඉරියව් ක්‍රීඩක ඩ්වේයින් බ්‍රාවෝ ආබාධයට ලක් වීම හේතුවෙන් තිසර පෙරේරාව මෙලෙස කණ්ඩායමට කැදවා ඇත.

එ අනුව තිසර මෙවර බිග්බෑෂ් පන්දුවාර 20 තරගාවලියට එක්වන තුන්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වේ.

මේ වන විට හොබාට් කණ්ඩායම නියෝජනය කරමින් කුමාර් සංගක්කාරත් ඇඩිලේඩ් කණ්ඩායම නියෝජනය කරමින් මහේල ජයවර්ධනත් මෙම තරගාවලියට එක්ව සිටිති.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top