Dec 21, 2018

නාලන්ද - ත්‍රිත්ව තරගයට මහේල සංගා කුසලානය (ඡායා)

නාලන්ද හා ත්‍රිත්ව යන විදුහල් වලින් ශ්‍රී ලංකාවට දායද කළ විශිෂ්ටතම ක්‍රීඩකයන් දෙපළක් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර යන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන්ගේ නමින් දෙවිදුහල් අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් ගැටුමට අභියෝගතා කුසලානයක් ඉදිරිපත් කර ඇත.

මහේල හා සංගා අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය ඒ අනුව මේ දෙසැම්බර් 28 හා 29 දිනවල කොළඹ නාලන්දා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නාලන්ද විද්‍යාලය 88 ක්‍රිකට් සංවිධායක කමිටුව පියවර ගෙන තිබේ.

තරගයේ ජයග්‍රහණය හෝ ජය පරාජයෙන් තොරව අවසන් වන්නේ නම් මුල් ඉනිමේ ජයග්‍රාහකයාට මෙම කුසලානය පිරිනැමෙනු ඇත.

මෙම කුසලානය එළිදැක්වීම මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර ගේ ප්‍රධානත්වයෙන් කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Aword 2

Aword 3

Aword 1

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top