හරීන් මේබව කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (21) පැවැති පළමු මාධ්‍ය හමුවේදීය.
“නිලවරණය කල්දානවද කියලා හරියටම කියන්න බෑ. අතුරු කමිටුවක් කොහොමත් එන්න ඉඩ තියෙනවා......ශ්‍රී ලංකාවම පිළිගන්න කෙනෙක් තමයි අතුරු කමිටුවේ පාලනයට ගේන්නේ. ඔහු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේත් (අයි.සී.සී.) පිළිගැනීම තියෙන කෙනෙක්” යයිද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
“මම ලබන 26 හෝ 27 අන්තර්ජාතික ක්‍රිකට් සභාව මුණගැසෙන්න බලාපොරොත්තු වෙනවා. හිටපු අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා නිලවරණය පැවැත්වීමට පෙබරවාරි 9 දක්වා කාලය ලබාගෙන තිබුණා. ක්‍රිකට් දූෂණයෙන් තොර තැනක් කරන්න තව ටික කාලයක් ලබාගන්න ඕනේ” යයිද ක්‍රීඩා ඇමතිවරයා පැවසීය.
“මම මුලින්ම ඊට පෙර තිබුණ තත්ත්වය මොකක්ද කියලා බලන්න ඕනේ. ඒ වගේම ඒ ආණ්ඩුව පැවැති කාලයේ මොනවගේ තීරණ ද ගත්තේ කියලා බලන්න ඕනේ” යැයිද හරීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.