ක්‍රිකට් ලෝලියෙකු වන ආචි, දුර්ලභ හෘද රෝගයකින් පීඩා විඳින බව වෛද්‍යවරුන් විසින් සොයාගෙන තිබුණේ ඔහු තෙමස් හැවිරිදි ළදරුවකු ව සිටියදී ය. මේ හේතුවෙන් ඔහු කිහිපවරක්ම ශල්‍යකර්ම වලට භාජනය විය.
තමා කැමති දේ කුමක්දැයි ආචි ගේ පියා ඇසූවිටදී ඔහු පවසා ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ නායකයා ලෙස කටයුතු කිරීමට තමා කැමති බවයි.
දෙසැම්බර් 26දින ආචි හට ටෙස්ට් මංගල වරම් හිමිවන බව පසුගිය මාසයේදී නිල වශයෙන් නිවේදනය කෙරුණු අතර, ඇඩලේඩ් හි දී ඕස්ට්‍රේලියානු පිල සමග පුහුණුවීම් වලට ද ඔහු සහභාගී වී තිබේ.
මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක ටිම් පේන් ඊයේ (24) දිනයේදී නිල වශයෙන් දැනුම්දීමක් ද සිදුකළේය.
නත්තල් සිරිය ලොව පුරා පැතිර යන සමයක අහිංසක දරුවෙකුගේ අහිංසක සිහිනයක් සැබෑ කරවීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ගෙන ඇති මෙම තීරණය, ලොව පුරා පැසසුමට ලක්ව තිබේ.
Watch out Nathan Lyon, Archie's coming for your spot!
— cricket.com.au (@cricketcomau) December 23, 2018
MORE: https://t.co/zOHu6KpvYE pic.twitter.com/PEgW1qSITd