photographic 2
Dec 24, 2018

බැඩ්මින්ටන් අතුරු කමිටු සභාපතිට ලෙඩ වැටෙන ලකුණු!

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණයට එරෙහිව පනවා තිබූ නඩුව සමතයකට පත්වීමෙන් පසු එහි නිලවරණය පැවැත්වීමට කටයුතු යොදන මෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා ඇතත් මේ වන විට සංගමයට පත්කර ඇති අතුරු කමිටු සභාපතිවරයා නොසලකා හරිමින් සිටින බව වාර්තා වේ.

බැඩ්මින්ටන් සංගමයටද නිලවරණ කමිටුවක් පත් කර නොමැති හෙයින් මුලින්ම විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා එහිදී නිලවරණ කමිටුවක් පත්කොට නිලවරණය කැඳවීමේ කටයුත්ත දිනෙන් දින පමා කරනුයේ මෙම නිලධාරියා බව පැවසේ.

හිටපු ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර විසින් බැට්මින්ටන් සඳහා අතුරු කමිටුවක් පත් කළ ද එහි සභාපති වරයා හැරුණුවිට ලේකම් ඇතුළු සෙසු නිලධාරීහු ඔහුගේ ක්‍රියා කලාපයට එරෙහිව ඉල්ලා අස්වූහ. ඉන්පසුව ක්‍රීඩා ඇමතිවරයා විසින් තවත් දෙදෙනකු පත් කරනු ලැබීය. එයිනුත් එක් අයෙක් ඉල්ලා අස් වූ අතර මේ වන විට එම අතුරු කමිටුවේ ඉතිරිව ඇත්තේ සභාපතිවරයාද ඇතුළුව දෙදෙනෙකි.

මෙම සභාපතිවරයා දැනට වසර දෙකකට ආසන්න කාලයක් බැට්මින්ටන් අතුරු කමිටු සභාපති ලෙස කටයුතු කරමින් විදෙස් සංචාර රැසකට සහභාගී වූ අතර ඔලිම්පික් කමිටු නිලවරණයට ද අතුරු කමිටුවේ සෙසු සාමාජිකයින්ගේ විරෝධය නොතකා සහභාගි වී එහි උප භාණ්ඩාගාරික ධුරයට ද පත් විය.

බැඩ්මින්ටන් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනා නව ක්‍රීඩා ඇමතිවරයාගේ පත්වීමත් සමගම බැට්මින්ටන් ඒකාධිකාරයට එරෙහිව ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවෙති.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top