photographic 2
Dec 28, 2018

ICC දූෂණ විරෝධී ඒකකයේ නිලධාරියෙක් ලංකාවට!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රීඩා අමාත්‍යාංශය හා සම්බන්ධ වී කටයුතු කරන ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

මේ බව සඳහන් කරමින් ඔහු ට්විටර් පණිවිඩයක් මුදාහැර තිබේ.

ඊයේ (27) දින ජාත්‍යන්තර ඩුබායි හි පිහිටි ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය සමග ඉතා සාර්ථක ලෙස සාකච්ඡා පැවැත්වූ බවත්, එම ඒකකය විසින් තමාට වාර්තාවක් ද ලබාදුන් බව හෙතෙම පවසයි.

ඉදිරියේදී මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීමට අයි.සී.සී. සභාපතිවරයා සමග හමුවීමට හමුවීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top