Dec 28, 2018

මීගමුවේ මහ රෑ පාපැදි සවාරියක්

කටාන "ප්‍රීරයිඩර්ස්" ක්‍රීඩා සමාජය පළමු වරට මෙහෙයවන ස්ටෑන්ඩර්ඩ් මහා පාපැදි තරගය හෙට (29) විදුලි ආලෝකය මධ්‍යයේ පස්වරු 7.00ට මීගමුව තිඹිරිගස්කටුවේදී ඇරඹීමට නියමිතය.

කිලෝමීටර් 96ක දුරකින් සමන්විතව කාණ්ඩ 4ක් යටතේ එක් වටයකට කිලෝමීටර් 6 බැගින් වූ වට 16ක් සම්පූර්ණ වන පරිදි මෙම තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙහිදී අවුරුදු 18න් පහළ කාන්තා, විවෘත කාන්තා, අවුරුදු 50න් ඉහළ පිරිමි සහ විවෘත පිරිමි යන කාණ්ඩ 4 යටතේ තරග පැවැත්වෙයි.

ජයග්‍රාහකයන්ට ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රධාන සංවිධායක හා ගම්පහ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රිනි නීතිඥ රෝස් ප්‍රනාන්දු අභියෝගතා කුසලානය ඇතුළුව තවත් ත්‍යාග පිරිනැමෙන බවත් තරග සංවිධායක මණ්ඩලය පවසයි.

මෙම පාපැදි තරගයේ සියලු කටයුතු මෙහෙයවනු ලබන්නේ ගම්පහ පාපැදි සම්මේලනය විසිනි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top