photographic 2
Dec 31, 2018

මැතිව්ස් මාසයක් පිටියෙන් පිටතට

ආබාධයකට ලක්වීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට මාසයක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව විවේක ගැනීමට නියම කර ඇත.

ඒ හේතුවෙන් නවසීලන්ත සංචාරයේ ඉදිරි තරග ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය අතරතුර පාදයේ ආබාධයට ලක් වූ ඇන්ජලෝ මැතිව්ස් ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කර තිබුණි.

කලවා ප්‍රදේශයේ ඇති වන මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ට පසුගිය වසර දෙකක කාලයක් තුළ තරඟාවලි කිහිපයක්ද අහිමි විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top