Jan 02, 2019

මොටාසා පාර්ලිමේන්තුවට තේරෙයි

බංගලාදේශ මහ මැතිවරණයට තරග වැදුණු වේග පන්දු යවන ක්‍රීඩක මෂ්රෆී මොටාසා පාර්ලිමේන්තුවේ සිය ආසනය වෙන්කර ගැනීමට සමත් විය. ඒ, ඔහු තරග වැදුණු ඡන්ද කොට්ඨාසවල සියයට 96 ක ප්‍රතිශතයක් තමන් සතුකර ගනිමිනි.

බංග්ලාදේශ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ පළමු ක්‍රීඩකයා බවට මෂ්රෆී මොටාසා ඉතිහාසයටද එක්විය.

ඉදිරියේ පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියටද ඔහු ක්‍රීඩා කිරීමට නියමිතය.

(මිරර් ගේම්ස්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top