photographic 2
Jan 03, 2019

පළමු එක්දින තරගයේ ජය නවසීලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 45ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්තය සමත්ව තිබේ.

නවසීලන්තයේ මවුන්ට් මනුගායි පිටියේ පැවැති තරගයේ කාසියෙ වාසිය දිනාගත් නවසලීන්තනය මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 371ක් රැස්කළේය.නවසීලන්තය වෙනුවෙන් මාටින් ගප්ටිල් ශතකයක්ද, කේන් විලියම්සන් හා රොස් ටේලර අර්ධ ශතක රැස්කරමින්ද දක්ෂතා දැක්වූහ.

ලකුණු 372ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49කදී සියලු දෙවා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 326ක් පමණි.ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් පෙරේරා ශතකයක් රැස්කළ අතර නිරෝෂන් දික්වැල්ල අර්ධ ශතකයක් රැස්කළේය.

නවසීලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 කට ලකුණු 371

( මාටින් ගප්ටිල් 138, කේන් විලියම්සන් 76, රොස් ටේලර් 54, ජේම්ස් නීෂාම් නොදැවී 47, ලසිත් මාලිංග 78/2, නුවන් ප්‍රදීප් 72/2, තිසර පෙරේරා 80/2 )

ශ්‍රී ලංකාව පන්දුවාර 49 කදී සියලු දෙලනා දැවී ලකුණු 326

( නිරෝෂන් දික්වැල්ල 76, ධනුෂ්ක ගුණතිලක 43, කුසල් ජනිත් පෙරේරා 102, ජෙමී නීෂන් 383 )

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top