මෙම ජයග්රහණයත් සමගින් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලිය ජයගැනීමට නවසීලන්ත පිලට හැකිවිය.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින ක්රිකට් තරඟයේ කාසියේ වාසිය හිමි කර ගත් නවසීලන්ත කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 319 ක් ලබාගත්තේය.
අති විශිෂ්ට පිතිහරඹයක නිරත වූ තිසර පෙරේරා (140) සටන්කාමී ශතකයක් ලබාගත් නමුත් ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46.2 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 298 ක් පමණි.