ලකුණු 365 ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 249 ක් පමණි.
ශ්රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තිසර පෙරේරා පන්දු 63 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 80 ක් රැස් කිරීමට සමත් විය.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලොකී ෆර්ගසන් ලකුණු 40 කට කඩුලු 4 ක් බිද හෙලමින් නවසීලන්තයේ ජයග්රහණය ඉක්මන් කළේය.
කාසියේ වාසිය ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4 කට ලකුණු 364 ක් රැස් කිරීමට සමත් විය .
රොස් ටේලර් පන්දු 131 කදී හයේ පහර 4 ක් හා හතරේ පහර 9ක් සමගින් නොදැවී ලකුනු 137 ක් හා හෙන්රි නිකොල්ස් පන්දු 80 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් සමගින් නොදැවී ලකුනු 124 රැස් කරමින් නවසීලන්තයේ ලකුණු පුවරුව 350 සීමාවෙන් එපිටට ගෙන යාමට විශාල දායකත්වයක් ලබා දුන්හ.