Jan 15, 2019

මනූ සාව්නේ ICC මහපුටුවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලයේ (ICC) මීළඟ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස මනූ සාව්නේ නම් කර තිබේ.

ඔහු ලබන මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලයට එක්වී මට නියමිත බව ICC නිවේදනයක දැක්වේ.

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන ඩේවිඩ් රිචර්ඩ්සන් ගේ ධූර කාලය මීළඟ ක්‍රිකට් ලෝක කුසලානයෙන් අනතුරුව අවසන් වීමට නියමිත අතර,

ඒ අනුව සාව්නේ ජූලි මාසයේ සිට සිය නව ධූරයේ වැඩ භාරගැනීමට නියමිතය.

සාව්නේ, සිංගප්පෝ ස්පෝට්ස් හබ් හි ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙසද ESPN ස්ටාර් ස්පෝට්ස් හි කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top