ඒ ක්‍රීඩිකාවන්ගේ දෙසැම්බර් මස වැටුප නොලැබීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබාදෙන කෑම අඛණ්ඩව ප්රමිතයෙන් තොර වීම, පුහුණුකරුගේ සේවය අඛණ්ඩව නොලැබීම සහ නිලධාරියකු ක්‍රීඩිකාවන්ට නොගැලපෙන වචනයෙන් කථා කිරීම මෙම විරෝධතාවට ප්‍රධාන හේතු බවට පත්ව තිබිණි.
කෙසේවුවද, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් බාර නිලධාරී අසංක ගුරුසිංහ මහතා මැදිහත්ව එම විරෝධය පැය කීපයකට සීමාකර ගැනීමට සමත් වී තිබිණි.
අසංක, මේ මැදිහත්වීම සිදු කරන විට ද ශ්‍රී ලංකා කාන්තා පිලට සිදුවන්නට අවශ්‍ය සියල්ල සිදුව හමාර බව ක්‍රිකට් කේෂත්ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙම එක හේතුවක් මුල්කරගෙන ශ්‍රී ලංකා පිලේ තරුණ දක්ෂ ක්‍රීඩිකාවන් දෙපළක් වන නිපුනි හංසිකා සහ රෙබේකා වැන්ඩට් මේ වන විටත් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇති අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි වීරක්කොඩි ද ඕස්ට්‍රේලියාවට ගොස් සිටින්නීය.
ජාතික කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් සිවුදෙනකු ඩුබායි බලා පිටත්ව යෑමට සූදානම් වන බව ද කාන්තා කේෂත්ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
දෙසැම්බර් දීමනාව නොගෙවීම කාගේ වරදක්ද?
ක්‍රීඩිකාවන්ගේ දෙසැම්බර් දීමනාව ලෙස මෙසේ ගෙවීම පැහැර හැර තිබුණේ එක් ක්‍රීඩිකාවකට ගෙවන රුපියල් 15,000ත් 20,000 ත් අතර මුදලකි.
ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු හර්ෂ ද සිල්වා මහතා මාස ගණන් නිවාඩු ලබා ඔස්ට්‍රේලියාවට ගොස් සිටීමෙන් ක්‍රීඩිකාවන්ට ප්‍රධාන පුහුණුකරුගේ සේවය නොලැබෙන බවද මේ අතර වාර්තා වේ. ඔහුට ජාතික පුහුණුකරු ලෙස කටයුතු කිරීම වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ 9ක මුදලක් ගෙවන බවද පැවසේ.
හර්ෂ මහතාගේ දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බව වාර්තා වේ. ඒ හේතුවෙන් ඔහු සංචාරයක් නොමැති අවස්ථාවේදී ඔස්ට්‍රේලියාවට යෑමට උනන්දුවක් දක්වන බවට චෝදනා එල්ල වේ.
අසංක ගුරුසිංහ මහතා මේ සම්බන්ධයෙන් කියා සිටින්නේ මානුෂික හේතු මත ඔහුට නිවාඩු ලබාදුන් බවයි.