Jan 20, 2019

මිත්‍ර වෙත්තමුණි අභාවප්‍රාප්ත වේ

ක්‍රිකට් ක්‍රිඩක මිත්‍ර වෙත්තමුණි මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මිත්‍ර වෙත්තමුණි මහතා 1983දී ටෙස්ට් වරම් දිනාගත් අතර ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 02කට සහ එක්දින තරගයකට ක්‍රීඩා කර තිබේ.

ඔහු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩක සිදත් වෙත්තමුණිගේ සොහොයුරාය.

වෙත්තමුණි පවුලේ සාමාජිකයින් පස් දෙනාගෙන් තිදෙනෙකු ක්‍රිකට් ක්‍රිඩාවේ නිරත වූ අතර මිත්‍ර වෙත්තමුණි මහතා ඇතුළු ඔවුන් සියලූ දෙනා ආරම්භක පිතිකරුවන් වීම ද විශේෂත්වයකි.

(නෙත් නිව්ස්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top