වසරේ ක්‍රිකට් විනිසුරු ලෙස ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් ගේ හා ICC තරග තීරකයන් ගේ ඡන්දය හිමි වී තිබේ.
මෙම සම්මානය මගින් අනෙකුත් ශ්‍රී ලාංකික නිලධාරීන් වඩාත් ධෛර්යයට පත් වේ යැයි අපේක්ෂා කරන බව ධර්මසේන සඳහන් කර සිටියි.
“මේ මා හට ඉතාමත් තෘප්තිමත් වසරක්… ICC ය වෙතින් ලද මෙම සම්මානය ගෞරවයක් හා වරප්‍රසාදයක්. මෙම සම්මානය මට පළමුවරට හිමිවූයේ සය වසරකට පෙරාතුවයි… මෙම සම්මානය, මා බොහෝ සෙයින් ආදරය කරන රැකියාවෙහි ඉදිරියටත් නිරත වීමට ශක්තියක් හා ධෛර්යයක් වනු ඇත… ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසක් විනිසුරුවකු ලෙසත් මා සෑම විටම ක්‍රිකට් ක්‍රීඩාවට ඉමහත් ආදරයක් දක්වන අතර, මෙම මෙම ශ්‍රේෂ්ඨ ක්‍රීඩාවෙහි අපේක්ෂා පූර්ණ කිරීමට ඉදිරියේදීත් දැඩි වෙහෙස මහන්සි වී වැඩ කිරීමට මා බලාපොරොත්තු වෙනවා,” යැයි ධර්මසේන පවසා තිබුණි.