ඒ අනුව අයි.සී.සී. වසරේ ක්රීඩකයාට හිමි සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය, අයි.සී.සී. වසරේ එක්දින ක්රීඩකායට හිමි සම්මානය, අයි.සී.සී. ටෙස්ට් ක්රිකට් ක්රීඩකයාට හිමි සම්මානය කෝලිට හිමිව ඇත.
ඒ අනුව එම සම්මාන ත්රිත්ත්වය එක් අවස්ථාවකදී හිමිකර ගත් එකම හා පළමු ක්රීඩකයා ලෙස විරාත් කෝලි ඉතිහාසයට එක්ව තිබේ. 2018 වසරට අදාළව මෙම සම්මාන ප්රධානය සිදුවෙයි.
එසේම වසරේ එක්දින හා ටෙස්ට් කණ්ඩායම් දෙකටම නම්ව ඇති කෝලි එම කණ්ඩායම දෙකේ නායකත්වයටද නම්කර තිබීම විශේෂත්වයකි.