පකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන් හි ඇරඹුනු දෙවැනි එක්දින තරගයේ අතරතුර සර්ෆ්රාස් අහ්මඩ් වාර්ගික ආචාර ධර්ම උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
තරගයේ දකුණු අප්‍රිකා ඉනිමේ 37 වන පන්දු වාරයේ දී සර්ෆ්රාස් අහ්මඩ් කඩුලු රකිමින් සිටින අතරවාරයේ Andile Phehlukwayo පන්දුවට පහර දෙන අතරවාරයේ දී ‘කාලේ’ යනුවෙන් පවසන ආකාරය කඩුල්ලේ මයික්‍රෆෝනයෙන් ලැබෙන හඬ ඔස්සේ බොහෝ දෙනාට අසන්නට හැකි විය. උර්දු බසින් ‘කාලේ’ යන්නෙහි තේරුම ‘කළු’ යන්නයි.
මේ අනුව, ආචාර ධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔහුට දකූණු අප්‍රිකාව සමග පැවැත්වෙන සිව්වන හා පස්වන එක්දින තරග දෙකත්, පළමු 20යි 20 තරග දෙකත් අහිමි වනු ඇත.
ඊට අමතරව ඔහුට ICC හි අධ්‍යාපන වැඩසටහනකට ද එක්වීමට සිදුවේ.
කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් සර්ෆ්රාස් සමාව අයැද තිබේ.