ඒ ශ්රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ජෝන් ලුවිස් මහතා පුද්ගලික කාරණයකට නිවාඩු ලබාගෙන ඇති නිසා බවද පැවසේ.
ලුවිස් නැවතත් ශ්රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇත්තේ ආරම්භවීමට නියමිත දකුණු අප්රිකානු සංචාරයට පෙරය.
ඒ අනුව කැන්බරා ටෙස්ට් තරගයේදී ශ්රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධනව නම් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.
නිමා වූ ශ්රී ලංකා ඒ කණ්ඩායම හා අයර්ලන්ත ඒ කණ්ඩායම අතර පැවැති එක්දින තරගාවලිය 5-0ක් ලෙස ශ්රී ලංකා ඒ කණ්ඩායම ජයගත් අතර එහිදී ශ්රී ලංකා ඒ කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන කටයුතු කළේය.