සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක්, එක්දින තරග පහක් හා පන්දුවාර විස්සයි විස්ස තරග තුනක් පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ පළමු එක්දින තරගය ලබන මස 3 වනදා ආරම්භ කෙරෙනවා. එම තරගාවලියට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නම් කිරීමට නියමිත බව තේරීම් කමිටු සාමාජිකයෙකු අයිටීඑන් ප්රවෘත්ති අංශය සමග කියා සිටියා. මැතිව්ස් ජාතික කණ්ඩායමෙන් ඉවත් වුයේ පාදයේ ආබාධයක් හේතුවෙන්.
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් එළඹෙන දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා එක්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු අයිටීඑන් ප්රවෘත්ති අංශය සමග පැවසුවා.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362