Jan 11, 2017

ලංකාව කෝච් කරන්න කිවි දේශයෙන් වැඩ්ඩෙක් Featured

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ පුහුණුකරුධුරයට නවසීලන්තයේ ඕල් බ්ලැක්ස් සත් සාමාජික පිලේ හිටපු සුපිරි ක්‍රීඩක පීටර් වුඩ්ස්ගේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා රග්බි ආයතනයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

ඒ ලබන අප්‍රේල් මස මුල් සතියේදී හොංකොං නුවර පැවැත්විමට නියමිත ලෝක සත් සාමාජික රග්බි ශූරතාවයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඉලක්ක කරමින් බවද පැවසේ.

පීටර් වුඩ්ස් ශ්‍රී ලංකා රග්බි පිලේ පුහුණුකාර තනතුර සඳහා එකඟවී ඇති අතර මේ දිනවල ඔහුගේ දීමනා සහ වෙනත් අවශ්‍යතා සඳහා අවසන් සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

මීට පෙර ශ්‍රී ලංකා පිලේ රග්බි පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික මැට් ටර්නර්ගේ ගිවිසුම් කාලය මේ වනවිට අවසන් වී ඇති අතර ඉදිරියේදී එළැඹෙන විදෙස් සත් සාමාජික රගර් තරගාවලි ඉලක්ක කරමින් පීටර් වුඩ්ස් වසර දෙකක ගිවිසුමකට බඳවා ගැනීමට රග්බි ආයතනය අදහස් කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top