Feb 12, 2019

මාලිට ලෝක වාර්තා 2කට හිමිකම් කීමට වරම්

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග මාර්තු මාසයේදි පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි  20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කඩුළු 05 ක් දවා ගැනීමට සමත් වුවහොත් අන්තර්ජාතික විස්සයි 20 ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වීමට වරම් හිමීවනු ඇත.

ඒ අනුව මාලිංග විස්සයි 20 ක්‍රිකට් තරග 70 කට ක්‍රීඩා කර කඩුළු 94 ක් ලබා ගනිමීන් කඩුලු ලාභීන්ගේ සටහනේ දෙවන ස්ථානයේ පසුව අතර එහි පළමු ස්ථානයේ සිටින පාකිස්ථාන හිටපු ක්‍රීඩක ෂයිඩ් ඇෆ්රිඩී තරග 96 කදී කඩුලු 98 ක් දවාගෙන සිටියි.

එසේම මාලිංග හට තවත් කඩුළු 06ක් දවාගතහොත් අන්තර්ජාතික විස්සයි 20 ක්‍රිකට් පිටියේ කඩුලු 100 ක් ලබා ගත් පළමු ක්‍රීඩකයා විමේ වාර්තාවට හිමිකම් කියනු ඇත.

දකුණූ අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර විස්සයි 20 තරගාවලිය මාර්තු මස 19, 22, 24 යන දිනයන්හි පැවැත්විමට නියමීතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top