සීසීසී ක්රීඩා සමාජය එම කොටසේ ශූරතාව දිනුගනු ලැබුවේ වසර 12කට පසුවය. අවසන් මහා තරගයේදී සිසීසී පිල කඩුලු පහකින් එන්සීසී පිල පරාජයට පත් කළේය.
නලින් අපොන්සු මහතා සීසීසී ක්රිකට් කණ්ඩායමේ කැදවුම්කරු ලෙස කටයුතු කිරීම ආරම්භ කිරීමෙන් පසුව මෙසේ එම කණ්ඩායම දිනාගත් තෙවනි තරඟාවලි ජය මෙය වේ.
නලින් මහතාගේ පත්වීමෙන් පසුව වසර 2017 දී කොළඹ දිස්ත්රික් එක්දින ශූරතාව දිනා ගැනීමට සීසීසී ක්රිකට් පිල සමත්වූ අතර පසුගිය වසරේදී පන්දුවාර විස්සයි - 20 තරගාවලියේ අනුශූරයන් බවට පත්විය.
සීසීසී ක්රීඩා සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ශම්මි සිල්වා මහතාය.
ඇගයීම් උත්සවයේදී එම ක්රිකට් කණ්ඩායම ක්රීඩකයන් පුහුණු කරුවන් හා නිලධාරීන් ඇගයීමට පාත්රවිය.
ඡායාරූප - අද
https://sinhala.srilankamirror.com/sport/17966-2019-02-17-08-02-58#sigProId3fa7fed2f9