Feb 20, 2019

මොහාන්ට සභාපති වෙන්න බෑ - ශම්මි සභාපති සටනට

දෙපාර්ශවය අතර ඇති කරගත් එකඟතාව මත පදනම්ව හෙට (21) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට පියවර ගන්නා බව අද (20) අභියාචනාධිකරණය හමුවේ අනාවරණය විය.

ඒ, මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහ්තවරුන් නිලවරණයට ඉදිරිපත් කළ නාමයෝජනා පිළිගන්නැයි ක්‍රීඩා අමත්‍යවරයාට නියෝග කරන ලෙස ඉල්ලා අභියචාධිකරණය හුමවේ ගොනුකළ රීට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී මේ සම්බන්ධයෙන් සමතයක් ඇති බව දෙපාර්ශවය දැනුම් දුන් අතර ඒ අනුව මොහාන් ද සිල්වා සභාපති ධූරයට තරඟ නොකොට ලේකම් ධුරයට තරගකිරීමටත්, රවින් වික්‍රමරත්න මහතාට උප සභාපති හෝ උප ලෙක්ම් ධුරයට තරග කිරීමටත් අවස්ථා ලබාදීම එම එකඟතාවයි.

පෙත්සම අද කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු දීපාලී විජේසුන්දර සහ අර්ජුණ ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

කෙසේවුවද, මේ තීන්දුවත් සමඟ ශම්මි ද සිල්වා මහතා තිලංග පාර්ශවයෙන් සභාපතිධූරයට තරග කිරීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top