ඒ, ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ (12) ජොහැන්නස්බර්ග් හි නිව් වොන්ඩරර්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදීය.
අම්ලා ගේ මෙම ශතකයේ තවත් විශේෂත්වය වන්නේ එය, සිය 100වැනි ටෙස්ට් තරගයේදී ලබාගැනීමට ඔහු සමත් වීමයි.
මේ අනුව, සිය 100වැනි ටෙස්ට් තරගයේදී ශතකයන් වාර්තා කළ ක්‍රීඩකයන් ගේ ලැයිස්තුවට ද ඔහු ඇතුළත් වේ.
ඔහු ඇතුළු තවත් ක්‍රීඩකයන් 08 දෙනෙකුගෙන් සමන්විත වන මෙම ලැයිස්තුව මෙසේය :
මෙම ලැස්තුවේ සිටින ක්‍රීඩකයන් අතුරින් සිය 100වැනි ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේම ශතක වාර්තා කිරීමට හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් සමත් වී තිබේ.
සියවැනි ටෙස්ට් තරගයේ දී වැඩිම ලකුණු වාර්තා කර ඇත්තේ පකිස්තානයේ හිටපු ක්‍රීඩක ඉන්සමාම් උල් හක් ය. ඔහු 2005 දී ඉන්දියාවට එරෙහිව බැංගලෝරයේදී ලකුණු 184ක් ලබාගත්තේය.
අද දිනයේදී ඇරඹුනු ශ්‍රී ලංකා - ද. අප්‍රිකා තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට දකුණු අප්‍රිකාව කඩුලු තුනක් දැවී ලකුණු 338ක් රැස්කිරීමට සමත් විය.