ලසිත් මාලිංග නායකත්වයට පත්වීමෙන් පසුව එක්දින කණ්ඩායමේ සමඟිය පලුදු වූ බවට කණ්ඩායම් අභ්‍යන්තරයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන අතර මාලිංග නායකත්වයෙන් ඉවත් කරන ලෙස ජ්‍යෙෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබුණි.
මාලිංගගේ සහ තිසරගේ බිරින්දෑවරුන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කළ සටන එක්දින පිලේ මෙම ගැටලු සහගත තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබේ.
අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව පත්වීමෙන් පසුව හිටිහැටියේම දිනේෂ් චන්දිමාල් නායකත්වයෙන් ඉවත්කර නවසීලන්ත සංචාරයේ නායකත්වයට මාලිංග පත් කරනු ලැබීය.
මාලිංග නායකත්වයට පත්වන විට එක්දින කණ්ඩායමට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටියේ යැයි කියන සීකුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න වැනි ක්‍රීඩකයන් දකුණු අප්රිවලියට ඇතුළත්ව නැත. ඒ වෙනුවට ඕෂධ ප්‍රන්දු, අවිෂ්ක ප්‍රනාන්දු සහ ඇන්ජලෝ පෙරේරා වැනි තරුණ ක්‍රීඩකයෝ කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකා පිලේ අවසන් එක්දින තරගාවලිය වූ නවසීලන්ත තරගාවලියේ තරග තුනම පරාජයට පත්විය.
ඒ හේතුවෙන් එක්දින පිලට සහ නායක ලසිත් මාලිංගට මෙම එක්දින තරගාවලිය වඩාත් වැදගත් වී තිබේ. මෙම සංචිතයට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත්ව නැත.
කෙසේ වෙතත් ඔහු නායකත්වයට පත්කරන ලෙස විවිධ පාර්ශ්වවලින් ක්‍රීඩා අමාත්‍යවරයාට සහ තේරීම් කමිටුවට යෝජනා ඉදිරිපත්ව ඇති බවද වාර්තා වේ.
මැතිව්ස් මේ වනවිට ආබාධයකට ලක්ව සුවය ලබමින් සිටියි. දකුණු අප්රිනු සංචාරයෙන් පසුව ලෝක කුසලාන තරගාවලිය දක්වා ශ්‍රී ලංකා පිලට ප්‍රධාන තරගාවලියක් නොමැත.
ඒ හේතුවෙන් මැතිව්ස් නැවත වැඩ පෙන්වීමට ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරග දෙක පමණක් ඉතිරිව තිබේ. තේරීම් කමිටුවේ අදහස බවට පත්ව ඇත්තේ මැතිව්ස්ට තරග අත්දැකීම් අවශ්‍ය නොවන බවයි.
“මැතිව්ස්ට තරග පුහුණුවක් අවශ්‍ය නෑ. ලෝක කුසලානය වනවිට ඔහු ක්‍රීඩා කරන තත්ත්වයෙන් සිටියහොත් කණ්ඩායමට දානවා”යැයි තේරීම් කමිටු සාමාජිකයෙක් පැවසීය. ශ්‍රී ලංකාව සතුව තිබෙන හොඳම සම්පත් ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත් කිරීමට තේරීම් කමිටුව සැලසුම් කරමින් සිටියි.
එහිදී තේරීම් කමිටුව නවක මෙන්ම තරුණ ක්‍රීකයන් පිළිබඳව දැඩි අවධානයකින් පසුවෙයි.
(දේශය)