Mar 03, 2019

සුලෝහිත සංග්‍රමය ජය පැරදුමෙන් තොරයි !

අනූවැනි ආනන්ද නාලන්ද මහා ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අද (03) එස්.එස්.සී. පිටියේදී නිමාවිය.

අවිශ්ක පෙරේරා නාලන්ද විදුහල වෙනුවෙන් මෙහිදී ශතකයක් (120) රැස් කිරීමට සමත්විය.

කාසියේ වාසිය දිනූ නාලන්ද පිල මුලින්ම පන්දුවට පහරදෙමින් කඩුලු 7කට ලකුණු 269ක් රැස් කළ අතර ආනන්ද පිලට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 232ක් පමණි. නාලන්ද පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5කට ලකුණු 216ක් රැස් කළේය.

නාලන්ද දෙවැනි ඉනිමේදී ලක්ෂිත රසාංජන මුණසිංහ පිත්තෙන් වැඩි දැස්කම් දැක්වූ අතර ඔහු පකුණු 87ක් රැස් කළේය.

සම්පූර්ණ ලකුණු පුවරුව

Ananda Nalanda Scorecard

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top