Mar 03, 2019

දකුණු අප්‍රිකාවට කඩුලු 08ක ජයක් !

පළමු එක්දින තරගෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 08 ක ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය.

ජොහැන්නස්බර්ග් හි පැවති මේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට සියලුදෙනා දැවී පන්දුවාර 47කදී රැස්කළ හැකිවූයේ ලකුණු 231ක් පමණි.

දකුණු අප්‍රිකාව කඩුලු 2ක් පමණක් දැවී පන්දුවාර 38.5කදී එම ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත්විය.

කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 60ක් එක්කරමින් ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් නායක ෆෆ් ඩු ප්ලසි නොදැවී ලකුණු 112 ක්ද ක්වින්ටන් ඩි කොක් ලකුණු 81 ක්ද ලබා ගනිමින් ජයග්‍රහණය වෙත රැගනගියහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top