පසුගිය දින වල ඇතිවූ ඉන්දු-පකිස්තානු ගැටුම් සමග ලාහෝර් ගුවන්තොටුපල වසා දැමීම හේතුවෙන් ඔවුන්ට තවදුරටත් ලංකාවේ රැඳී සිටීමට සිදුවී ඇත. ඉන්දු-පකිස්තානු ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් සේවයද ලාහෝර් වෙත සිදුකළ සියලු ගුවන් ගමන් නවතා දමා තිබේ.
මෙම සංචාරය සඳහා ද පෞද්ගලිකව වියදම් දැරීමට සිදුවී ඇති ඔවුන්ට මේ හේතුවෙන් වැඩි වියදමක් දැරීමට සිදුවී ඇතැයි මාධ්‍ය වෙත සඳහන් කර ඇති ශ්‍රී ලංකා අන්ධ ක්‍රිකට් පිලේ කළමනාකරු වන චමින්ද පුෂ්පකුමාර මහතා, මෙම කණ්ඩායම වෙත සහය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ද ඉල්ලා ඇත.
පකිස්තානු ක්‍රීඩකයන් 24 දෙනෙකු සහභාගී වී ඇති මෙම සංචාරයේදී තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ලෙස ජයගැනීමට සමත්විය.
(PTI ඇසුරෙනි)