Mar 11, 2019

අවු. විසිතුනේ ලෝක පාපැදි ශූරිය මියයයි

තෙවරක් පාපැදි ලෝක ශූරිය ලෙස කිරුළු පැළඳ ඔලිම්පික් රිදී පදක්කමක් ද දිනාගත් ඇමෙරිකාවේ දක්ෂතම පාපැදි ක්‍රීඩිකාවක් වන 23 හැවිරිදි කෙලී කැට්ලින් මියගොස් ඇතැයි වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්සේවය වාර්තා කරන අන්දමට කෙලී සිය දිවි හානි කරගෙන ඇතැයි ඇගේ පියා පවසා තිබේ.

ලොව ප්‍රමුඛතම පාපැදි ක්‍රීඩිකාවක් වීමට අමතරව ඇය දක්ෂ චිත්‍ර ශිල්පිණියක් හා වයලින් වාදිකාවක් ද විය.

ගණිතය හා චීන භාෂාව සම්බන්ධයෙන් මිනසෝටා විශ්ව විද්‍යාලයෙන් පසුගිය වසරේදී උපාධියක් ලබාගත් කෙලී, මියයන විට සැන්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ පරිඝණක හා ගණිත එංජිනේරු විද්‍යාව හදාරමින් සිටියාය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top