Mar 11, 2019

කුසල්ට ලෝක කුසලානයත් මඟහැරෙයි !

කුසල් ජනිත් පෙරේරාට එළඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියද අහිමිවීමේ අවධානමක් මතුව ඇතැයි වාර්තා වේ.

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගයේදී ඔහු පාදයේ ආබාධයකයට ලක්වූ අතර එයට ඔහුට දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනු ඇතැයි පැවසේ.

කෙසේවුවද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ ඔහු වෙනුවට ආදේශ ක්‍රීඩකයෙකු දකුණු අප්‍රිකාවට නොයවන බවයි.

ඊයේ දිනයේදී පන්දු රකින අතරවාරයේ ඔහු සිය වම් පාදයේ ආබාධයකට ගොදුරු විය.

ශ්‍රී ලංකා දකුනු අප්‍රිකා හතරවන එක්දින ක්‍රිකට් තරගය අනිද්දා පොර්ට් එළිසබත්හිදී පැවැත්වෙන අතර මේවන විට දකුණු අප්‍රිකාව තරගාවලිය 3 - 0 ක් ලෙස ජය ගැනීමට සමත්ව සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top