මේ තත්ත්වය හේතුවෙන් මේ සඳහා විශේෂ වැය ඇස්තමේන්තුවක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ඉදිරිපත් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ. මුදල් අමාත්‍යංශය මේ සඳහා විශේෂ වැය ඇස්තමේන්තුවක් ඉදිරිපත්කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාට දන්වා ඇති බවද පැවසේ.
මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති විසර්ජන පනත් කෙටුම්පතට ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 4000 කට අඩු මුදලකි.
පසුගිය වසරේ ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් මිලියන 5,425 ක් වෙන්කර තිබිණි. මෙවර ක්‍රීඩා, විදේශ රැකියා හා විදුලි සංදේශ යන අමාත්‍යාංශ තුන වෙනුවෙන්ම වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 6,335කි.
අමාත්‍යාංශ තුනක් වෙනුවෙන් එම මුදල් බෙදීයාම නිසා ක්‍රීඩා අමාත්‍යාංශයට වෙන්ව ඇති මුදල ප්‍රමාණවත් නැතැයි එම ක්ෂේත්රයේ ප්‍රවීණයෝ කියා සිටිති.
දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ සැලසුම් කර ඇති පරිදි නේපාලයේ පැවැතිය හොත් ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයසීයක් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
මේ සඳහා රුපියල් මිලියන 300ක වැය බරක් ක්‍රීඩා අමාත්‍යාංශයට දැරීමට සිදුවනු ඇති බවට දැනට ඇස්තමේන්තු කර තිබේ.
එය දළ වශයෙන් එක් ක්රීඩකයකුට රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලකි.
ඉකුත්වර ඉන්දියාවේ ගුවාටි හි පැවති දොළොස්වැනි දකුණු ආසියානු තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම තරගාවලියට සහභාගී කරවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් වෙනම ගුවන්යානා දෙකක් වෙන් කරගෙන තිබිණි.
මෙවර තරගාවලිය සඳහා ද ඒ ආකාරයෙන්ම ගුවන්යානා දෙකක් වෙන් කරගැනීමට සිදුවනු ඇති බවද ක්‍රීඩා අමාත්‍යාංශය අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.
විශේෂයක් වන්නේ මෙවරද අදාල තරගාවලියට යාමට නිලධාරීන් 175 කට ආසන්න පිරිසක් සූදානමින් සිටීමය.