Mar 14, 2019

ක්‍රිකට් ආයතනයේ 60 ඉක්මවූ ඔක්කොම ගෙදර ! Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරන වයස අවුරුදු 60 ඉක්මවූ සියලුම සේවකයන්ගේ කොන්ත්‍රාත් අවසන් කිරීමට ක්‍රිකට් විධායක සභාව විසින් දැඩි තීන්දුවකට එළඹ ඇතැයි වාර්තා වේ.

මේ අනුව දැනටමත් අවුරුදු 60 සිට 65 දක්වා වයසැති ලේකම්වරියන්, පුහුණුකරුවන් හා සුළු සේවකයන් 15 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකගේ සේවය අවසන් වීමට නියමිතය.

නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කළ අවධියේ වයස 70 ඉක්මවූ අයකු හා තවත් 60 ඉක්මවූ අයෙකුගේ සේවාව දිගු කිරීම අවලංගු කර තිබේ.

මොවුන් ඇතුළු 60 ඉක්මවූ බොහෝදෙනා දේශපාලන පත්වීම් මත ශ්‍රී ලංකා ක්‍රිකට් හි සේවයට එක්වූ අය බව පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top